රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කාත්තන්කුඩි ආරක්ෂක නිවස සොයා ගනු ලැබුවා.
එය භාරව කටයුතු කළ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ තවුහිද් ජමාත් සංවිධානය ඔහු හදුන්වා ඇත්තේ අබු හබාබී යන අන්වර්ත නාමයෙන් බවයි.
පසුගිය 26 වනදා සයින්දමරුදු බොලිවේරියන් ගම්මානයේ දී බොම්බ පුපුරුවාගනිමින් මියගිය සහරාන්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් ඩ්‍රෝන කැමරාවක් යොදා ගනිමින් අවට ප්‍රදේශය රූගත කළ බවයි. රූගත කළ දර්ශන බුද්ධි අංශ නිලධාරීන්ට හමුව තිබෙනවා.
ඔහු එම පටිගත කිරීම් සිදුව ඇත්තේ මෙම නිවසේ රැදී සිටිමින්.
අත්අඩංගුවට ගත් සැකකරු ජාතික තවුහිද් ජමාත් සංවිධානය නුවරඑළිය ප්‍රදේශයේ පැවැත්වූ පුහුණු පාඨමාලාවකට ද සහභාගී වී ඇති අතර විසි දෙනෙකු පමණ ඊට එක්ව සිටි බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.



Post a Comment