Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුර්කාව IS ත්‍රස්තයන්ටත් එපාවෙයි  

Add comments

උතුරු ඉරාකයේ මොන්සුල් ආරක්ෂක මධ්‍යස්ථාන තුළදී බුර්කාව පැලදීම අයිඑස්අයිඑස් ත්‍රස්තයින් තහනම් කර තිබෙනවා. ආරක්ෂක අවධානමක් පවතින බැවින් සම්පූර්ණ මුහුණු ආවරණ ඉවත් කිරීමට ඔවුන් පෙළඹී සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කාන්තාවන්  බුර්කාව පැලඳ සිටිම මෙම සංවිධානයේ නායකයින්ට තර්ජනයක් විය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ. මේ අතර දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ පාසල්වල බුර්කාව තහනම් කර තිබෙනවා.කැලිකට් හි මුස්ලිම් අධ්‍යාපන සංවිධානයකුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල හා විශ්වවිද්‍යාලවල බුර්කාව තහනම් කර තිබෙනවා. පාසල් ඇතුළු එම අධ්‍යාපන ආයතනවලට සුදුසු ඇදුම් කට්ටලයක් ලබා දෙන ලෙසට විදුහල්පතිවරුන්ට හා අදාළ බලධාරීන්ට දන්වා ඇති බවයි පැවසෙන්නේ.  නව නීති යටතේ මෙය ක්‍රියාත්මක වන බවයි එරට වාර්තා සදහන් කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG