Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට කැබිනට් අනුකමිටුව සාකච්ඡා ආරම්භ කළා  

Add comments

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පහර වැදුණු සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට කැබිනට් අනුකමිටුව හරහා සාකච්ඡා ආරම්භ කළ බවත් සංචාරක කර්මාන්තය නැංවීමට අරක්ෂක විගණනයක් සිදු කළ යුතු බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය

”අපි කොහොමද ඉදිරියට රටක් හැටියට ඉදිරියට අරගෙන යන්නේ කියලා බලන්න ඕන. පාස්කි ඉරිදා සිද්ධියෙන් වූ කම්පනය ආර්ථිකයට බලපාන්නේ කොහොමද?ආර්ථිකයට කනේ පහරක් ගැසුවා වාගේ වැඩක්.

ආර්ථිකයට දැනුණු කම්පනය අති මහත්. සංචාරක ක්ෂේත්‍රයට විශාල පහරක් වැදුණා. රජයක් හැටියට මැදිහත් වෙන්න කිව්වා. කැබිනට් අනුකමිටුවක් පත් කළා.සාක්ච්ඡා කර වහම පියවර ගත්තා.මේ ව්‍යාපාරයේ සිටින අයගේ ණය හා පොලිසිය 2020 දක්වා ගෙවීම් නතර කළා.මූලික අධියර යටතේ බැංකු ණය වලට අවධානය යොමු කළේ.

හෙට නැවත කැබිනට් අනුකමිටුව රැස්වෙනවා,ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් සළකා බලන්න.ණය ගෙවීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය පොලී අනුව ගෙවන්න තීරණය කළා.

කැබිනට් අනුකමිටුව හරහා සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීම සඳහා විවතුන් සමඟ සාකච්ඡා ආරම්භ කළා. අප සංචාරක කර්මාන්තය බලාපොරොත්තු වුණා බිලියන 05ක පැමිණීමක්. අරක්ෂක විගණනයක් කරන්න ඕන කියලා රජය තීරණය කර තිබෙනවා. එම වාර්තා තනාපති කාර්යාල සංචාරක ඒජන්සි පිළිගන්න සූදානම්. එයයි කළ යුත්තේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.”

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG