රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමාණුකූලව ඉහළ නැංවීමට සමගාමීව විශ්වවිද්‍යාල යටිතල පහසුකම් වර්ධනය කෙරෙනවා.
වයඹ ,යාපනය ,ශ්‍රී ජයවර්ධනපුර ,පේරාදෙණීය සහ කැළණිය යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධන සදහා ව්‍යාපෘති 13 ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව වයඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් ඒකකයේ දේශනශාලා ඉදිකිරීම ,යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය විද්‍යා ඒකකයේ මහල් 05 කින් යුත් ගොඩනැගිල්ලේ 04 සහ පස්වන මහල්වල වැඩකටයුතු අවසන් කිරීම , වවුනියා මණ්ඩපයේ පහසුකම් පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරෙනවා.
හොරණ නාගරික නිවාස ව්‍යාපෘතිය සැමට සෙවන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙනවා. එම ව්‍යාපෘතිය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇත්තේ 2017 වර්ෂයේයි. තෝරාගත් භූමියේ මතු වූ ගැටළු හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. එම ව්‍යාපෘතිය සදහා ලබාගෙන ඇති අනුමැතීන් හා ප්‍රතිපාදන යටතේ සැමට සෙවන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සැළසුමයි.
Post a Comment