Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාගානන්ද කොඩිතුවක්කුගේ පෙත්සමක් මහාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි  

Add comments

තම නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට කටයුතු කළ හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් රුපියල් මිලියන සියය බැගින් වන්දි මුදල් අයකර දෙන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකළ පෙත්සමක් කොළඹ මහාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා.

නීතිපතිවරයා ඉදිරිපත්කළ විරෝධතාවක් පිළිගෙන පෙත්සම නිශ්ප්‍රභ කිරීමටයි කටයුතු කෙරුණේ. නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥ භාවයට වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි. එවැනි අධිකරණමය කටයුත්තක් මෙසේ අභියෝගයට ලක්කළ නොහැකි බව නීතිපතිවරයා පෙන්වා දුන්නා.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැදවූවා. පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන තවදුරටත් සිදුකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝම්බර් 21 වනදාට කල්තැබුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG