පසුගිය මාර්තු 24 වනදා පැවති තායිලන්ත මහමැතිවරණයේ ප්‍රතිඵල එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.
මැතිවරණ කොමිසම සදහන් කරන්නේ කිසිදු පක්ෂයක් මෙවර බහුතර බලයක් හිමිකරගෙන නොමැති බවයි. තායිලන්තයේ විපක්ෂය වන පේහුතායි පක්ෂය පාලක පක්ෂයට වඩා සුළු ආසන සංඛ්‍යාවක් ලබා ගෙන තිබෙනවා. සෙනට් මණ්ඩලයේ බහුතරය ලැබී ඇත්තේ තායිලන්ත පාලක පක්ෂයටයි. ඒ හේතුවෙන් වත්මන් අගමැති ධුරයේ කිසිදු වෙනසක් නොවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව හමුදා පාලනයේ සහාය ලැබෙන වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඕචාට යලිත්වරක් බලය හිමිවනු ඇති. මැතිවරණ අක්‍රමිකතා සහ විවිධ චෝදනා හේතුවෙන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට සති 06 ක කාලයක් ගත වුණා.
Post a Comment