Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝලීය ත්‍රස්තවාදය මැඩලීමට සාමූහිකව ක්‍රියා කළ යුතුයි  

Add comments

ගෝලීය ත්‍රස්තවාදය මර්දනය කිරීමට සියලු දෙනා සාමූහිකව ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසනවා.

ත්‍රස්තවාදය පිටුදැකීම සදහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සහයෝගීතාව වර්ධනය කිරීම, ත්‍රස්තවාදයට ගොදුරු වී සිටින රටවල ගැටලු හදුනා ගැනීම, ත්‍රස්තවාදය තුරන් කිරීම සදහා එක්ව කටයුතු කිරීම ආදිය මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරවලින් මිය ගිය හා තුවාල ලැබූවන් සිහිපත් කරමින් අනුස්මරණ වැඩසටහනක් ද මෙහිදී පැවැත්වුණා. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට  සහභාගී වී සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG