ඓතිහාසික සීගිරි අභය භූමිය මැදින් මාර්ගයක් ඉදිකරන බව පවසමින් මහා වන සංහාරයක් සිදු කෙරෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමියක් වන මෙම කලාපයේ ඉදිකිරීම් සිදුකරන්නේ නම් එම දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වනවා.
ඓතිහාසික පිදුරංගල හා සීගිරිය බස්නාහිර ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභය භූමිය තුළින් අඩි 35 ක පමණ විශාල මාර්ගයක් ඉදිකරන බව පවසමින් එම ප්‍රදේශය යන්ත්‍ර සූත්‍ර යොදා හෙළිපෙහෙළි කෙරෙනවා. එහිදී විශාල මෙන්ම වටිනා ගස් රැසක් කැපීම හිතුමතේ සිදුවන්නේ දැවැන්ත වන සංහාරයක් ද සිදුකරමින් බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. කුඩා මාර්ගයක් සංවර්ධනය කෙරෙන බවට ප්‍රකාශ කරමින් මෙම ජාවාරම සිදුකෙරෙන බවද ප්‍රදේශවාසීන් පවසනවා. ප්‍රදේශයේ ග්‍රාමනිලධාරීවරයාගේ අනුමැතිය ද මීට ලැබී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් මෙම කලාපයේ කුමන හෝ ඉදිකිරීමක් සිදුකරන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු වනවා. එහෙත් සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තමාව දැනුවත්කර නැති බවයි.
Post a Comment