Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාමයේ දස වර්ෂාභිෂේක උත්තම ප්‍රණාම සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්  

Add comments

ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය රටෙන් අතුගා දැමීම සඳහා රණවිරුවන්ටත් බුද්ධි අංශවලටත් ශක්තිය ඇති බවට තමා තරයේ විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සාමයේ දසවර්ෂාභිෂේක උත්තම ප්‍රණාම ජාතික රණවිරු දසවස් සැමරුමට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

මෙම සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව අභියස පිහිටි රණවිරු ස්මාරකය ඉදිරිපිටදීයි. උත්තම ප්‍රණාම ජාතික රණවිරු සැමරුමට ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආරක්‍ෂක ප්‍රධානීන් එක්වුණා. අනතුරුව කතානායක කරූ ජයසූරිය,  ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුලු සම්භාවනීය අමුත්තන් උත්සව සභාවට පැමිණියා. විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ද උත්සව සභාවට පැමිණියා. ඉන් අනතුරුව උත්සව සභාවට සම්ප්‍රාප්ත වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රථ පෙරහැරකින් සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ වුණා. සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව මිය ගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි 2 ක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා. ඉන් අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ අප්‍රේල් 21 වනදා සිදු වීම ලංකාවේ ප්‍රශ්නයක් නොව ලෝකයේ ප්‍රශ්නයක් බවයි. මෙම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය මර්දනය කිරීමේ වගකීම බුද්ධි අංශ සතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. ඉන් අනතුරුව කතානායක කරූ ජයසූරිය, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද ත්‍රිවිධ හමුදාපතිවරුන්,වැඩ බලන පොලිස්පතිවරයා ඇතුලු ආරක්‍ෂක අංශ සාමාජිකයින් ද පුෂ්පෝපහාර පුද කළා. මෙම අවස්ථාවට එක්ව සිටි මිය ගිය රණවිරුවන්ගේ ඥාතීන්, බිරින්දෑවරුන්, දරුවන් සිය මිය ගිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීම සංවේදී අවස්ථාවක් වුණා.

 

The post සාමයේ දස වර්ෂාභිෂේක උත්තම ප්‍රණාම සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG