වෙසක් උත්සවය සැමරීම පිළිබඳ විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කරන බව අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කළා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණේ මහා සංඝරත්නය, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ආරක්ෂ අංශ නිලධාරීන් සහ දිසාපතිවරුන්ගේ සහභාගීත්වයෙන්.
රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වෙසක් කලාප, තොරණ සහ දන්සැල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බවයි ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කළා.
Post a Comment