Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්පති අනුර සේනානායකට සිතාසි  

Add comments

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්පති අනුර සේනානායක මහතාට මහාධිකරණය  සිතාසි නිකුත් කළා.

වසිම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අගෝස්තු මස 6 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි සිතාසි නිකුත් කෙරුනේ. ඒ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස තාජුඩීන්ගේ සහෝදරිය වන ෆාතිමා තාජුඩීන් , කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය අජිත් තෙන්නකෝන් මහතා ඇතුලු 20 දෙනෙකු නීතිපතිවරයා විසින් නම්කර තිබෙනවා.  2012 වසරේ මැයි 17 වනදා වසීම් තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් සිය මෝටර් රථය තුළ මිය ගොස් සිටියා. පසුව කළ මහේස්ත්‍රාත් පරික්ෂණයේදී එය මිනී මැරුමක් බවට අනාවරණය වුණා. මරණයට වග කිව යුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග නිකුත් කරනු ලැබුවා.  ඒ අනුව මරණයට අදාළව තොරතුරු වසන් කිරීමේ චෝදනාවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්පති අනුර සේනානායක ,නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ආනන්ද සමරසේකර යන අය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.

 

The post හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්පති අනුර සේනානායකට සිතාසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG