Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයන් නව දෙනාට ඇප  

Add comments

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයන් නව දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

සැකකරුවන්ට එරහිව සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙලෙස ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. සිද්ධියට අදාළ 10 වන සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත යොමු කිරීමට අවශ්‍ය බව දැනුම් දුන් අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG