Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වාධීන රූපවාහිනී සේවයේ නව ක්‍රීයාකාරී අධ්‍යක්ෂ වැඩ භාර ගනී  

Add comments

ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රීයාකාරී අධ්‍යක්ෂ ලෙස කැලුම් පාලිත මහීරත්න මහතා අද උදෑසන වැඩ භාර ගත්තා.

මීට දශක තුනකට පෙර 1988 වර්ෂයේ ජාතික රූපවාහිනියේ පුහුණු නිෂ්පාදක සහකාරවරයකු ලෙස සිය මාධ්‍ය ජීවිතය අරඹන කැලුම් පාලිත මහීරත්න මහතා වසර 12 ක කාලයක් ජාතික රූපවාහිනියේ සේවය කිරීමෙන් පසු ඉන් ඉවත් වන්නේ විධායක නිෂ්පාදකවරයකු ලෙසයි. ඉන් පසුව ස්වර්ණවාහිනී නාලිකාව සමගින් එකතුවන ඔහු වසර 08 ක්  එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැඩසටහන්), අධ්‍යක්ෂ (නිෂ්පාදන) සදහා සිය දායකත්වය ලබා දුන්නා. ස්වර්ණවාහිනී නාලිකාව ඉහළට එසවීම  සදහා සිය දායකත්වය දැක්වූ ඔහු ඉන් පසු අධ්‍යක්ෂකවරයකු ලෙස සියත ටීවී නාලිකාව සමගින් එක්වනවා. කැළුම් පාලිත මහීරත්න මහතා වසර දෙකක් එහි සිය මෙහෙවර ඉටු කරනු ලැබුවා. චිත්‍රපට, ටෙලිනාට්‍ය, වෙළඳ දැන්වීම් රැසකට අධ්‍යක්ෂණයෙන් දායක වූ ඔහු ප්‍රථමයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා එක්වන්නේ 2019 වර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසයි. අද දිනයේ කැළුම් පාලිත මහීරත්න මහතා සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඉදිරියේ සිය රාජකාරි කටයුතු  ආරම්භ කරනු ලැබුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙසයි. ආයතනයේ ඉහල කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post ස්වාධීන රූපවාහිනී සේවයේ නව ක්‍රීයාකාරී අධ්‍යක්ෂ වැඩ භාර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG