තලවාකැළේ වතු නිවාස පේලියක ඇති වූ ගින්නකින් නිවාස 24 ක් විනාශයට පත් වුණා අවතැන් වූ පවුල් 24 කට අයත් 71 දෙනෙකු හොලිරූඩි දෙමළ මහා විද්‍යාලයේ තාවකාලිකව රදවා සිටිනවා.
තලවාකැළේ හොලිරූඩි වතුයායේ නැගෙනහිර කොටසේ නිවාස පේලියකයි මෙම ගින්න හටගත්තේ. නිවාස 24 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ගින්න පැතිර යාම වැළැක්වීමට නුවරඑලිය මහනගර සභාවේ සහ ලිදුල නගර සභාවේ ගිනි නිවන ඒකක කටයුතු කළා. අවතැන් වූ පිරිස හොලිරූඩි දෙමල විද්‍යාලයේ නවාතැන් ගෙන සිටිනවා. ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සියලු පහසුකම් ලබාදී ඇති බවයි නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ.
The post තලවාකැළේ වතු නිවාස පේලියක ඇති වූ ගින්නකින් නිවාස 24 ක් විනාශවෙයි appeared first on ITN News.
Post a Comment