සියලු දෙනාගේ ආගමික අයිතිය තහවුරු කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
විහාරස්ථාන සංවර්ධනය සදහා මූල්‍ය පරිත්‍යාග කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මැණික්හින්න ශ්‍රී විද්‍යාසේකර පිරිවෙන් විහාරස්ථානයේදී සිදු කෙරුණා. එක් විහාරස්ථානයක් සදහා රුපියල් ලක්ෂ සියය බැගින් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සිදුකෙරුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා.
The post සියලු දෙනාගේ ආගමික අයිතිය තහවුරු කරන වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment