ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පස්වරු 07 ට එරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.
නව දිල්ලි නුවර පිහිටි ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හිදී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ත් ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.
මේ සදහා බංග්ලාදේශය,ඉන්දියාව ,මියන්මාරය , ශ්‍රී ලංකාව ,තායිලන්තය ,නේපාලය සහ භූතානය යන රටවල රාජ්‍ය නායකයින් සහභාගී වනවා. දිවුරුම්දීමේ උත්සවයට ආරාධිතයින් අටදහසක් පමණ සහභාගී වනු ඇති. අද උදෑසන ඉන්දීය ආග්‍රාමාත්‍යවරයා මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකය සහ රණවිරු ස්මාරකය අභියසට ගොස් ගෞරවය දැක්වුවා. කිහිප දෙනෙකුගේ ස්මාරක සහ ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් දස දහසක් පමණ යොදවා තිබෙනවා.
The post මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ආරාධිතයන් අට දහසක් appeared first on ITN News.
Post a Comment