Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂ කාර්ය බලකාය කළ වැටලීම්වලදී උපකරණ රැසක් අත්අඩංගුවට  

Add comments

විශේෂ කාර්ය බලකාය තණමල්විල සුරියආර ප්‍රදේශයේ කල වැටලීමකදී විදුලි ඩෙටනේටර් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.බයිසිකල් බෝල ග්රැම් 195 අඩංගු පාර්සලයක්ද මෙහිදි සොයා ගැනුණා.

සුරියවැව කදවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් වැඩිදුර පරීක්ෂන සදහා තණමල්විල පොලිසිය භාරදීමටයි කටයුතු කෙරුණේ.ටී පනස්හය වර්ගයේ ජීව උණ්ඩ , වෙඩිබෙහෙත්, ස්විච් දහයක් ඇතුළු උපකරණ රැසක් මෙම වැටලීමේදී සොයාගෙන තිබෙනවා.

මේ අතර හොරොව්පතාන ප්‍ර දේශයේ කළ වැටලීමකදී ද උපකරණ රැසක් සොයා ගනු ලැබුවා. එම ප්‍රදේශයේ තිබු තව්හිද් ජමාද් පල්ලියක් සොදිසි කිරීමේදි එහි තාප්පයක කුහරයක් තුළ තිබි විනාශ කිරීමට උත්සාහ කළ සීඩි තැටි පනස් දෙකක් සොයා ගැනුණා. අම්පාර විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වාලච්චේන ,කෝලිකචල් විදිය ඇතුළු ප්‍ර දේශ කිහිපයක වැටලීම් සිදු කෙරුණා. එහිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර විදෙස් ගමන් බලපත්‍ර ඇතුළු නීතිවිරෝධිව සකස් කළ ලිපි ලේඛන සොයාගෙන තිබෙනවා.

 

The post විශේෂ කාර්ය බලකාය කළ වැටලීම්වලදී උපකරණ රැසක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG