පාකිස්ථානයේ සුඛෝපභෝගී හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පාකිස්ථානයේ ග්වන්දර් නගරයේ තරු පහේ හෝටලයකටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ.
සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවක්කුකරුවන් හෝටලයට පැමිණ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා ඇතුළු වීමට උත්සහදරා තිබෙනවා. එහි දී තුවක්කුකරුවන් හා සෙසු ආරක්ෂක නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ එතුල අමුත්තන් හා සේවක පිරිස් ඉතා සුළු පිරිසක් රැදී සිට තිබෙනවා. ප්‍රහාරය එල්ලකිරීමට තුවක්කුකරුවන් තිදෙනෙකු පැමිණ ඇති බව සදහන්. සිද්ධියෙන් ආරක්ෂක අංශයේ කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Post a Comment