ඓතිහාසික මහනුවර ශ‍්‍රි දළදා මාලිගයේ ඇසළ මංගල්‍ය පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කෙරෙනවා.
ඒ සඳහා ත‍්‍රිවිධ හමුදාවේ අතිරේක භට පිරිස් ද යොදවන බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේ. පොලිසිය සමඟ එක්ව ආරක්ෂක වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවත් යුධ හමුදාපතිවරයා පෙන්වා දුන්නා.
යුධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව වාර්ෂිකව සංවිධාන කළ කොප්පරා දානමය පිංකමෙන් පසු මාධ්‍යට අදහස් දකවමින් යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා මේ අදහස් පළකළා.
පෙරහැර සඳහා අවශ්‍ය කොප්පරා මෙටි‍්‍රක් ටොන් හයකට වැඩි ප‍්‍රමාණයක් ලබාදුන් බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ.
The post මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment