බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබෙනවා.
ඒ අනුව දිවයිනපුරා යළි අද (24) සිට මෙහෙයුම් සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. පසුගිය දින හතළිස් නවයේ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියදුරන් දස දහස් පනස් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් රුපියල් කෝටි 25 කට අධික ආදායමක් දඩ ලෙස අයකර ගැනීමට හැකිවූ බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, මත්පැන් සහ එම ජාවාරම් සම්බන්ධයෙන් ද පොලීසිය මෙහෙයුම් සිදුකරන බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නේ. එවැනි ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දැනුම්දෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post බීමත් රියදුරන් වැටලීමෙන් රුපියල් කෝටි 25 කට වැඩි දඩ ආදායමක් appeared first on ITN News.
Post a Comment