Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේ වසර අවසන් වන විට ඖෂධ 5000ක මිල පහළට  

Add comments

මෙම වසර අවසන් වන විට තවත් ඖෂධ 27ක මිල නියමානුකූල කිරීම මගින් ඖෂධ වර්ග 100ක මිල නියමානුකූල කරන බවත් එවිට වෙළෙද නාමයෙන් යුත් ඖෂධ 5000ක මිල අඩු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයුම්කරුවන් ඇගයීමේ සමාරම්භක උත්සවය හම්බන්තොට දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 18 වන වරටත් පැවැත්වු මෙම උත්සවය සදහා දෙස් විදෙස් ඖෂධ සැපයුම්කරුවන් 300ක් පමණ සහභාගී වී සිටියා.  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති එම් එච් එම් රූමි,  සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා  යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා.

ලංකාවේ සියලුම රෝහල් සදහා ඖෂධ සහ ශල්‍ය උපකරණ ආනයනය කර බෙදා හරිනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. ඒ අනුව 2015 වර්ෂයේදී රුපියල් මිලියන දහනව දහසක ඖෂධ හා ශල්‍ය උපකරණ ආනයනය කළ ඖෂධ නීතිගත සංස්ථාව,  2018 වර්ෂයේ දෙසැම්බර් දක්වා කාලය තුළ එය රුපියල් මිලියන තිස් දෙදහස දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

 

The post මේ වසර අවසන් වන විට ඖෂධ 5000ක මිල පහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG