ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා නම් කෙරුණා. ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජනබලවේගය ජන රැළිය අතරතුරදී ජනාධිපති අපේක්ෂකයා නම් කෙරුණා.
කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (18) පස්වරු 04 ට පමණ රැළිය ආරම්භ වුණා. ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතයින් රැළිය ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජන බලවේගවේ ජනාධිපති අපේක්ෂකයා නම් කෙරුණා.
The post ගාලු මුවදොරෙන් මතුවුණ ජවිපෙ අපේක්ෂකයා appeared first on ITN News.
Post a Comment