Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුරවැසියන්ට තුවක්කු පත්තු නොවූ යුගය ගැන ජනපති කියයි  

Add comments

ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ දිඹුලාගල සොරිවිල කොටාරාගල , දිසාලාගම සහ දිඹුලාගල දලුකාන යන ප්‍රදේශවල ඉදිකළ නව ගම්මාන 3ක් ජනාධිපතිතුමා අතින් අද ජනතා අයිතියට පත් කෙරුණා. ආදිවාසී දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මඟ පෙන්විමෙන් මෙම ආදිවාසීන්ගෙන් පැවත එන නව පරපුරේ නිවාස ලාභීන්ගේ අපේක්‍ෂාවන් ඉටු කරමින් ඉදි කළ සොරිවිල කොටාරාගල ආදර්ශ ගම්මානය නව නිවාස 16 කින් සමන්විත වනවා. මූලික පහසුකම් පවා නොමැතිව සිය ජීවිත ගෙන ගිය කොටාරාගල ගම්වැසියන්ට සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ දායකත්වයෙන් වසර දෙකක් වැනි කෙටි කාලයකදී නව නිවාස ඉදිකර දීම විශේෂත්වයක්. දලුකාන ජීවහත්තගම නව ගම්මානය නිවාස 27 කින් සමන්විතයි. ඒ ආසන්නයේ ඉදිකර ඇති දිසාලාගම නව නිවාස 23 කින් සමන්විත වනවා. නිවාස ව්‍යාපෘති ජනතා අයිතියට පත් කළ ජනාධිපතිතුමා අනතුරුව පැවති උත්සවයේදී නිවාස ලාභීන් වෙත යතුරු ප්‍රදානය ද සිදු කළා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතු බවයි.

 

The post පුරවැසියන්ට තුවක්කු පත්තු නොවූ යුගය ගැන ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG