Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගන් ජනපති හදිසි ආරක්ෂක සාකච්ඡාවක් කැඳවයි  

Add comments

ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි හදිසි ආරක්ෂක සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. රටේ ආරක්ෂක තත්වය දුර්වලවීම සහ කාබුල් අගනුවර මංගලෝත්සවයකට එල්ලවූ ප‍්‍රහාරය වැනි ප‍්‍රහාර වැළැක්වීමට ගතයුතු නව කි‍්‍රයාමාර්ග යළි විමසා බැලිය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ප‍්‍රහාරයෙන් 63 දෙනෙකු මියගොස් 180 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. අයිඑස් ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරයට සම්බන්ධ බවයි හෙළිවුණේ. ත‍්‍රස්තවාදීන්ට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනාධිපතිවරයා තලෙයිබාන් සංවිධානයට චෝදනා කර තිබෙනවා. කෙසේවෙතත් මේ වනවිට ඇමරිකාව සමඟ සාම සාකච්ඡාවල යෙදීසිටින තලෙයිබාන් සංවිධානය කාබුල් මරාගෙන මැරෙන ප‍්‍රහාරය භෙලා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

The post ඇෆ්ගන් ජනපති හදිසි ආරක්ෂක සාකච්ඡාවක් කැඳවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG