ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ තද වැසි සහ නායයෑම්වලින් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. යමුනා ගගේ ජල මට්ටම ඉදිරි පැය 24 තුළ අනතුරුදායක මට්ටමට ලඟාවීමත් සමඟ දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
දිල්ලි නගරයේ පහත්බිම්වල වෙසෙන ජනතාවට ආරක්ෂක ස්ථාන කරා යොමුවන ලෙස නිවේදනය කර තිබෙනවා. ගංවතුර හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතුද අඩාල වී තිබෙනවා. සිම්ලා , සොලන් , බිලාස්පූර් දිස්ත්‍රික්වල සියලුම පාසල් වසා දමා තිබෙනවා. අගෝස්තු 08 වනදා සිට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවෙන් මේ වන විට පුද්ගලයින් 121 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 47000 ක් පමණ පිරිසක් සහන කදවුරුවල රැදී සිටින බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. ඉදිරි දින දෙක තුළ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද එරට කාලගුණ අංශ සඳහන් කරනවා.
The post ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ තද වැසි සහ නායයෑම්වලින් ප්‍රදේශ රැසකට බලපෑම් appeared first on ITN News.
Post a Comment