ප‍්‍රධාන විමර්ශන හයක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසිම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධිය , සහන සේවයේ යෙදුණු 17 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය හා මාධ්‍යවේදි එක්නැළිගොඩ පැහැරගෙනගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය ඊට ඇතුළත්. විමර්ශන පහක් පිළිබඳව ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට මීට පෙර නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. ඒ අනූවයි මෙම කරුණු විමසීම සිදුකර තිබෙන්නේ.
එක් එක් සිද්ධිය සම්බන්ධ වෙන වෙනම ගොනු සකස් කර ලබන 23 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
කරුණු 11 සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුකර තිබෙනවා. විමර්ශන ආරම්භ කිරිමට උපදෙස් ලැබුණු දිනය, විමර්ශන ආරම්භ කළ දිනය සහ ඒවායෙහි වර්තමාන තත්ත්වය ඇතුළු කරුණු ඊට අයත් බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.
The post ඝාතන සහ පැහැරගෙන යාම් හයක විමර්ශන වාර්තා කැඳවයි appeared first on ITN News.
Post a Comment