ලොව විශාලතම ජාත්‍යන්තර ගිනි කෙළි සැණකෙළිය රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්වුණා. එය ඉතා ආකර්ෂණිය සංදර්ශනයක්වූ බවයි වාර්තා වුණේ.
බේරටෙව්ස්කි උද්‍යානයේ පැවැති සංදර්ශනයට රටවල් 8 කින් කණ්ඩායම් සහභාගී වුණා. ඔවුන් ඔපෙරා සහ ජනපි‍්‍රය සංගීතය සමඟින් සංදර්ශන ඉදිරිපත් කර තිබෙනවා. සෑම සංදර්ශනයක්ම විනාඩි 8 ක කාලයක් පැවැතීම විශේෂත්වයක්. පසුගිය වසරේ ජයග‍්‍රාහකයන් වන ස්ලෝවැකියාවයි මෙවර උළෙල ආරම්භ කළේ. කැනඩාව, ඉතාලිය, පකිස්ථානය, පෘතුගාලය, රුසියාව, ස්පාඤ්ඤ, ආජන්ටිනාව සහ ප‍්‍රංශය මෙවර උළෙලට සහභාගීවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
The post ලොව විශාලතම ජාත්‍යන්තර ගිනි කෙළි සැණකෙළිය රුසියාවේදී appeared first on ITN News.
Post a Comment