Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාන්ධිතුමන්ගේ 150 වන ඡන්ම දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් අරලියගහ මන්දිරයේදී  

Add comments

මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ඡන්ම දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මහත්මා ගාන්ධිතුමන්ගේ ඡන්ම දින සැමරුම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඉදිකළ ගාන්ධි පිළිරුව නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ඉන් අනතුරුවයි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදුවුණේ. ගාන්ධි ඡන්ම දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ තැපැල් මුද්දරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම සිදුකළේ අමාත්‍ය ඒ එච් එම් හලීම් මහතායි. අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ගාන්ධිතුමන්ගේ ඡන්ම දින සැමරුම වෙනුවෙන් ලක්ෂ්මන් කදිරගාමර් නිකේතනයේදී චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වුණා. මෙහිදී ජයග්‍රාහකයන් ලෙස සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් දරුවන් 20 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීමටයි කටයුතු කෙරුණේ.

අවිහිංසාවාදයේ පියා ලෙස සැළකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්ම දින සැමරුම් උත්සවය අදට යෙදී තිබෙනවා. 1869 වසරේ ඔක්තෝබර් 2 වනදා ඉන්දියාවේ පෝර් බන්දාර්හි මහත්මා ගාන්ධිතුමන් උපත ලැබුවා. ඉන්දිය ජාතික නීතිඥවරයෙකු වන එතුමා 19 වන සියවසේදී ඉන්දීය නිදහස වෙනුවෙන් ජාතික ජනබලවේගයක් ක්රි6යාත්මක කළා. ඉන්දීය නිදහස් සටනේ ප්ර්ධාන නායකයෙකු ලෙසින් මහත්මා ගාන්ධිතුමන් හදුන්වනු ලබනවා. ඉන්දියාව සංවර්ධනය කරා ගෙනයාම සදහා මහත්මා ගාන්ධිතුමන්ගේ සේවය අති විශිෂ්ඨ සාධාරණත්වය උදෙසා චින්තනමය විවාදයක් ගොඩනැගීමටද මහත්මා ගාන්ධිතුමන් කටයුතු කළා. එකල දැඩි ලෙස ප්ර්චලිතව තිබූ කුලවාදය,ආගම්වාදය සහ වර්ගවාදය සමාජයෙන් තුරන් කිරීම උදෙසා ගාන්ධිතුමන් දැඩි ලෙස කටයුතු කළ අයෙක්. ඉන්දියාව ප්රාායෝගික ලෙස පොදු අරමුණක් කරා ගෙන යාම සදහා මහත්මා ගාන්ධිතුමන් සිය ජීවිතයම කැප කළ බව අදටත් ඉන්දීය ජනතාවගේ අදහස වී තිබෙනවා. මහත්මා ගාන්ධිතුමන්ගේ සාධාරණ අවිහිංසාවාදී දේශපාලන ගමන ලෝක ජනතාවගේ ප්ර ශංසාවට වර්තමානයේද පත්ව තිබෙනවා. 1948 වසරේ ජනවාරි මස 30 වනදා අන්තවාදී වූ ගොඩ්සේ නම් අයෙකුගේ වෙඩි පහරින් මත්මා ගාන්ධිතුමන් ජීවිතක්ෂයට පත් වුණේ කෝටි සංඛ්යාඅත ඉන්දීය මෙන්ම ලෝක ජනතාවක් හඩවමින්. මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදින සැමරුම වෙනුවෙන් ඉන්දියාවේ විවිධ ස්ථානවල සැමරුම් උත්සව පැවැත්වුණා. ලෝකයේ විවිධ රටවලද ජන්මදින සැමරුම වෙනුවෙන් උත්සව සංවිධාන කර තිබුණා.

 

 

 

The post ගාන්ධිතුමන්ගේ 150 වන ඡන්ම දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් අරලියගහ මන්දිරයේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG