Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය වර්ජකයින්ට රජයෙන් අවසන් නිවේදනයක්  

Add comments

නීත්‍යානුකූල නොවන ලෙස වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයින් සේවය අතහැර ගියාසේ සලකා කටයුතු කරන ලෙසට අංශ ප්‍රධානීන්ට නියෝග නිකුත් කෙරුණා. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභ්‍යන්තර නියෝගයක් මගින් අංශ ප්‍රධානීන්ට මේ බව දැනුම් දී තිබෙනවා.

අසනීප නිවාඩු නොදමා සේවයට වාර්තා නොකළ සියලුම සේවකයින් සේවය අතහැර ගියාසේ සැලකෙනු ඇති. ඒ අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක හා අධීක්‍ෂණ කළමනාකරු යන ශ්‍රේණිවලට අයත් නොදන්වා සේවයට වාර්තා නොකළ නිලධාරීනුයි සේවය අතහැර ගියා සේ සැලකෙන්නේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය හමුවක් කැදවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

 

 

The post දුම්රිය වර්ජකයින්ට රජයෙන් අවසන් නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG