ඕස්ට්‍රේලියා රජයේ දේශගුණික විපර්යාස සම්බන්ධ ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූ පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විරෝධතාවට 400 දෙනෙකු පමණ එක් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වුණා. ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇති වූ බව ද ඕස්ට්‍රේලියා මාධ්‍ය පවසනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයින් 3 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියා රජය දේශගුණික විපර්යාස මැඩලීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීමෙන් ඇතිවිය හැකි හානිවලට විරෝධය දක්වමිනුයි මෙම පිරිස උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරත වී ඇත්තේ. ඔවුන් සඳහන් කරන්නේ පවතින දේශගුණික විපර්යාස නිසා මිහි මතින් මනුෂ්‍ය වර්ගයා වඳවී යාමේ අවදානමක් ද ඇති බවයි.
The post ඕස්ට්‍රේලියාවේ උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූ පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment