Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් කිලෝග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්‍ෂිණ අධිවේගී මාර්ග කොට්ඨාසයේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් තොගය සොයා ගැනුණා.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට අතුරුගිරිය දක්වා පැමිණි සුදු පැහැති ජීප් රථයක් අතුරුගිරිය පිටවීමේ ස්ථානයේදී පරික්‍ෂාවකට ලක් කිරීමට අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කළා. එම පරික්‍ෂා කිරීමේදී පොහොර උර දෙකක බහා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 50 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් බොරැල්ල සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

 

The post හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG