Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයනු ආයනු කියාදුන් 80 දශකයේ ගුරු මාතාවකට උපහාර  

Add comments

ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් තමන්ට අයනු ආයනු කියාදුන් 80 දශකයේ ගුරු මාතාවකට උපහාර දැක්වීමට ඇගෙන් අධ්‍යාපනය ලැබූ සිසුසිසුවියන්  පිරිසක් කටයුතු කළා.

80 දශකයේ ඉංගිරිය මහා විද්‍යාලයේ සිසුසිසුවියන්ට අධ්‍යාපනය ලබාදුන් කේ ඩී ජී රණවීර ගුරු මාතාවයි මෙසේ තම සිසුසිසුවියන්ගෙන් පිදුම් ලැබුවේ. එම ගුරු මාතාව පදිංචි නිවසට පැමිණි සිසුසිසුවියන් ඇයට සියලු ආකාරයෙන් උපහාර දැක්වීමට කටයුතු කළා. ඇයගේ මිලකල නොහැකි සේවාව අගයමින් සමරු ඵලකයක් පිළිගැන්වීමට ද මෙම සිසු සිසුවියන් කටයුතු කළා. මෙම ගුරු මාතාවගේ ශිෂ්‍ය යෙකු වන පූජ්‍ය ඉංගිරියේ විපුලසාර හිමියන් එම තිලිණය ප්‍රදානය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළා. ගුරු මාතාවගේම නිවසට ගොස් දිවා ආහාරය පිළියෙල කර ඇයට පිළිගැන්වීමට තරම් මෙම සිසුසිසුවියන් කාරුණික වූයේ ගුරු මව්පියවරුන්ට සමාජයේ නිසි ඇගයීම ලබාදිය යුතු බව බොහෝ දෙනාට පසක් කරමින්.

 

 

 

The post අයනු ආයනු කියාදුන් 80 දශකයේ ගුරු මාතාවකට උපහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG