මහා පරිමාණ කෘෂි ආයෝජන මඤ්ඤොක්කා වගා ව්‍යාපෘතියේ සමාරම්භය හා නව කර්මාන්ත ශාලාවට මුල්ගල තැබිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) ආරම්භ කෙරුණා. ඒ පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදීයි.
ඇමෙරිකා ඩොලර් මිලියන 40 ක සෘජු විදේශ ආයෝජනයෙන් ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ හරිත ආයෝජන ව්‍යාපෘතිය වන ග්‍රාමීය මඤ්ඤොක්කා නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙන නව ව්‍යාපෘතියේ සමාරම්භය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. නව කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්. පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ස්ටාර්ච් ඉන්ඩර්ස්ට්‍රීස් පෞද්ගලික සමාගම හා ඒකාබද්ධව සාම්ප්‍රදායික කෘෂි නිමැවුම් නැවුම් මුහුණුවරකින් විදේශ වෙළෙඳපොළට හඳුන්වා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා.
අක්කර තිස්හත්දහස් පන්සියයක මඤ්ඤොක්කා වගාවක් රට පුරා විසිරී සිටින ගොවීන් විසිදහසකගේ අස්වැන්නට මේ අනුව වෙළෙඳපොළක් හිමිවනු ඇති. නවීන තාක්‍ෂණික යන්ත්‍රෝපකරණවලින් යුත් නිෂ්පාදනාගාරයක් මෙමගින් රටට හිමිවන අතර මෙම ව්‍යාපෘතිය විදේශ විනිමය රටට ගලා එන නව අපනයන මූලාශ්‍රයක් ද වනවා.
The post ජනපති ප‍්‍රධානත්වයෙන් මහා පරිමාණ මඤ්ඤොක්කා වගා ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment