චීනය බෙදා වෙන් කිරීමට කිසිවෙකුට හෝ ඉඩ නොතබන බව චීන ජනාධිපති ෂි ජින් පින් මහතා අවධාරණය කරනවා.
චීන ජනාධිපතිවරයා සිය නේපාල සංචාරය අතරතුරදීයි මෙම අනතුරු ඇගවීම සිදු කළේ. වසර 23කට පසුවයි චීන ජනාධිපතිවරයෙකු නේපාලයේ සංචාරයක නිරත වන්නේ. චීනයට අත පෙවීමට උත්සාහ කරන බාහිර බලවේග පරාජය කිරීමට අවශ්ය සියලු විධිවිධාන යොදන බව ෂී ජින් පින් මහතා සංචාරය අතරතුරදී ප්රකාශ කළා. චීනය ලබා ඇති සෞභාග්ය මෙන්ම එහි ස්වාධීනත්වයට හානි කිරීමට විවිධ බලවේග කටයුතු කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියා. නේපාලයට ඉදිරි දෙවසර තුලදී ඇමෙරිකා ඩොලර් බිලියන 56 ක ආධාරයක් ලබා දෙන බවට ද චීන ජනාධිපතිවරයා පොරොන්දු වුණා. මෙවර සංචාරයේදී ඇමෙරිකා ඩොලර් බිලියන 3.5 ක ආධාර මුදලක් නේපාලයට ලබා දීමටයි ෂී ජින් පින් මහතා කටයුතු කළේ.
The post චීනය බෙදා වෙන් කිරීමට කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment