ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත්කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මේ අනුව තාවකාලික හැඳුනුම්පත් ලබා ගැනීමට බලාපොරොත්තු වන පිරිස් නොවැම්බර් මස 9 වන දිනට පෙර තම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීවරයා මගින් ඉල්ලුම්පත් යොමු කළ යුතුයි. ජාතික හැඳුනුම්පත, පිළිගත් විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත්‍රය, විශ්‍රාමික හැදුනුම්පත්‍රය සහ පූජ්‍ය හැඳුනුම්පත්‍රය යන පිළිගත් හැඳුනුම්පත් නොමැති අයට මෙම තාවකාලික හැඳුනුම්පත නිකුත් කෙරෙනවා. එය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැර වෙනත් කිසිදු අවස්ථාවක් සඳහා භාවිත කළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.
The post ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත්කිරීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment