පළාත් පාසල් 8ක් ජාතික පාසල් බවට පත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ.
කුලියාපිටිය සාරානාත් විද්‍යාලය, පොළොන්නරුව දිඹුලාගල විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය,අම්පාර උහන මහා විද්‍යාලය හා ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල් බවට පත්කර තිබෙනවා. පළාත් සභා යටතේ පවතින රජයේ පාසල් ජාතික පාසල් බවට පත් කිරීමේදී සපුරාලිය යුතු නිර්නායක පාදක කර ගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත් කෙරුණු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙම ජාතික පාසල් සමග දැනට පාසල් ජාලය තුළ පවතින ජාතික පාසල් සංඛ්‍යාව 370 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post පළාත් පාසල් 8ක් ජාතික පාසල් බවට පත් කෙරේ appeared first on ITN News.
Post a Comment