Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයට බලපෑ හගිබීස් සුළි කුණාටුවෙන් මියගිය පිරිස 40 දක්වා ඉහළට  

Add comments

ජපානයට බලපෑ හගිබීස් සුළි කුණාටුවෙන් මියගිය පිරිස 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 15 දෙනෙකු තවමත් අතුරුදන් බවයි ජපාන වාර්තා සදහන් කරන්නේ.

දශක 6කට පසුව ජපානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙයයි. සහන මෙහෙයුම් සදහා පුද්ගලයින් එක්ලක්ෂ දස දහසක් යෙදවීමට කටයුතු කර තිබෙනවා. පුද්ගලයින් මිලියන 7කට නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසටයි කාලගුණ අංශ දැනුවත් කර තිබුණේ. මේ වන විට තරමක් දුරට සුළි කුණාටුව පහව ගොස් ඇති අතර ෂැන්හයි හා මැනිලා නගරවලට ඉදිරි දින කිහිපය ඇතුළත සුළි කුණාටුව කඩා වැදීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ. නිවාස අනූදෙදහසකට තවමත් විදුලිය නොමැති අතර මේ වන විට නිවාස හා නගර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. හගිබිස් සුළි කුණාටුවෙන් ජපානයේ නිවාස තිස් දහසකට හානි සිදුවුණා.

 

The post ජපානයට බලපෑ හගිබීස් සුළි කුණාටුවෙන් මියගිය පිරිස 40 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG