Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙනුවර මැණිකේ බදුල්ල බලා ගමන් අරඹයි  

Add comments

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය බදුල්ල බලා ගමන් ආරම්භ කළා.

උදෑසන 6.45 ට යෙදුණු සුභ මොහොතින් කොළඹ කොටුවෙන් දෙනුවර මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කළ බවයි ප‍්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ. ඒ ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී. දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය අද (01) පස්වරු 3.30 ට බදුල්ලට ළඟාවනවා.

නැවතත් එම දුම්රිය හෙට (02) උදෑසනයි බදුල්ලේ සිට කොළඹ බලා දුම්රිය ගමන් ආරම්භ කරන්නේ. වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකකින් දෙවෙනි පන්තියේ මැදිරි දෙකකින් සහ තුන්වන පන්තියේ මැදිරි තුනකින් ද දෙනුවර මැණිකේ දුම්රිය සමන්විත බව පාලක මැදිරිය සඳහන් කළා. නවතම පහසුකම් සහිත මෙම දුම්රියේ සියලු මැදිරි සඳහා මහජන ඇමතුම් පද්ධතියක්, ජංගම දුරකථන ආරෝපණ පහසුකම් ඇතුලු තවත් පහසුකම් රැසක් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

The post දෙනුවර මැණිකේ බදුල්ල බලා ගමන් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG