මූලික සනීපාරක්ෂක පහසුකම්වත් නොතිබූ බේරේවැව අවට ජනතාවට යහපත් වටපිටාවක් සහිත සමෘද්ධිමත් දිවියක් උරුම කළේ වත්මන් රජය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
සිනෙසිටි වෝටර් ෆ්‍රන්ට් සිනමා සංකීර්ණයේ සහ කලා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පිටකොටුවෙන් බිහිවුණු මෙරට චිත්‍රපට හා සිනමා රසික සංස්කෘතිය නැවත පිටකොටුව ප්‍රදේශයේම ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවයි මෙය ඉදිකෙරෙන්නේ. චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතාගේ සංකල්පයක් මත අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මගපෙන්වීමෙන් මෙය ක්‍රියාවට නංනවා තිබෙනවා. කොළඹ බැස්ටියන් මාවතේ ෆ්ලෝටින් මාර්කට් පරිශ්‍රයේදී මෙම ඉදිකිරීම් ආරම්භ කෙරුණ අවස්ථාවට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post බේරේවැව අවට ජනතාවට සමෘද්ධිමත් දිවියක් උරුම කළේ වත්මන් රජය appeared first on ITN News.
Post a Comment