පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ ලොකු ලූනු වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතිනවා.
ලොකු ළූනු වගාව වැඩි වශයෙන් මෙවර සිදු කර ඇත්තේ ඇලහැර ජනපදයේයි. ලොකු ලූණු වගාවේ අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ කර ඇති අතර ළූනු කිලෝග්‍රෑමයකට රුපියල් 250 වැනි ඉහල මිලනක් ලැබෙමින් පවතින බවයි ගොවීන් පවසන්නේ.
ඇලහැර ව්‍යාපාරයේ සරුබිම, කෝට්ටපිටිය, අතරගල්ලෑව 505 හා 506 යන ප්‍රදේශවල වැඩි වශයෙන් ලොකු ලූණූ වගා කර තිබෙනවා. අක්කරයකින් කිලෝග්‍රෑම් 4000 ත් 5000 ත් අතර අස්වැන්නක් ලැබෙන බවයි ලොකු ලූණු වගාවේ නිරත ගොවීන් සදහන් කරන්නේ.
The post යල කන්නයේ ලොකු ලූනු වගාවෙන් සාර්ථක අස්වැන්නක් appeared first on ITN News.
Post a Comment