කුරුණෑගල වැව ගෙදර ප්‍රදේශයේ හමා ගිය දැඩි සුළගින් ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදුවුණා.
කුරුණෑගල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවත් සමඟයි මෙම අධික සුළං තත්ත්වය පැවතුනේ. සුළගත් සමග ගස් කඩා වැටීම හේතුවෙන් වැව ගෙදර ප්‍රදේශය හරහා දිවෙන අධිබලැති විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදුවුණා. නිවාස 9කට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති ආකාරයක් දක්නට ලැබුණා. වගා කටයුතු ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ.
The post කුරුණෑගල වැව ගෙදර ප්‍රදේශයේ හමා ගිය දැඩි සුළගින් ප්‍රදේශයේ නිවාස රැසකට හානි appeared first on ITN News.
Post a Comment