ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි රූපවාහිනී නාලිකා තුනකට ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. කළු ඇඳුමින් සැරසුණු මුහුණු ආවරණ පැළඳගත් සන්නද්ධ කණ්ඩායමක් ප‍්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඔවුන් රූපවාහිනී නාලිකා වලට වෙඩි ප‍්‍රහාර එල්ල කර සන්නිවේදන උපකරණ වලට ද හානි සිදුකර තිබෙනවා. එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබුවා. ඉරාකයේ විරෝධතා පැවැත්වෙන අතරතුර මෙවැනි ප‍්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ගේ විශේෂ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.
The post ඉරාකයේ රූපවාහිනී නාලිකා තුනකට සන්නද්ධ ප‍්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment