බ්‍රිතාන්‍යයේ ලොරි රථයක් තුළ මළසිරුරු ප්‍රවාහනය කරමින් සිටි රියදුරුට එරෙහි පළමු නඩු විභාගය ආරම්භ වුණා.
පසුගිය සතියේ එසෙක්ස් ප්‍රාන්තයේ ලොරි රථයක් තුළ මළසිරුරු 39 ක් සොයා ගැනුණා. 25 හැවිරිදි උතුරු අයර්ලන්ත ජාතික ලොරි රථ රියදුරෙකු වූ මව්රීස් රොබින්සන් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණා. පුද්ගල ඝාතන සම්බන්ධයෙන් චෝදනා ගොනු කරමින් ඔහුට එරෙහි නඩු විභාග ආරම්භ කිරීමටයි එසෙක්ස් ප්‍රාන්ත පොලීසිය කටයුතු කළේ. අවුරුදු 38 ක් පමණ වන කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකුද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණා. මිනිස් ජාවාරම, නීතිවිරෝධී සංක්‍රමණයන්ට අනුබල ලබාදීම සහ මූල්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමටද එසෙක්ස් ප්‍රාන්ත පොලීසිය කටයුතු කර තිබුණා.
The post බ්‍රිතාන්‍යයේ මළසිරුරු ප්‍රවාහනය කරමින් සිටි රියදුරුට එරෙහි පළමු නඩු විභාගය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment