ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ගැඹුරු වලක සිරව සිටියදී මියගිය අවුරුදු දෙකක් වයසැති සුජිත් විල්සන් දරුවාගේ දේහය පිලිබද අවසන් කටයුතු සිදුකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ මලයාඩිපිට්ටිපූදුර් ප‍්‍රදේශයේදි. දරුවා මුදාගැනීම සදහා ප‍්‍රබල මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළ ද එම ප‍්‍රදේශය පාෂාණමය භුමියක් වීම හේතුවෙන් කැනීම් දුෂ්කර වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දරුවාට ශ්වසනය සදහා අඛණ්ඩව ඔක්සිජන් ලබාදීමට ද සහන කණ්ඩායම් පියවර ගත්තා. එහෙත් දරුවා වැටී සිටි වල තුලින් දුර්ගන්ධයක් වහනය වීමත් සමග දරුවා මියගිය බවට තහවුරු කරගත් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
මෙම සිද්ධියතත් සමග ඉන්දියාව පුරා පවතින මෙවැනි අනාරක්ෂිත ළිං සම්බන්ධයෙන් මේවන විට බලධාරින්ගේ අවධානය යොමුව තිබෙනවා. අතහැර දමන ළිං සදහා ක‍්‍රමවත් වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදීමටද තීරණය කර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
The post සුජිත්ගේ මරණයෙන් පසු ඉන්දියාවේ අනාරක්ෂිත ළිං සම්බන්ධයෙන් නව නීති appeared first on ITN News.
Post a Comment