ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බුල්බුල් සුළි කුණාටුව පැයට කිලෝමීටර 120 ක පමණ වේගයෙන් හමා ගිය බවයි ඉන්දීය කාලගුණ අංශ සඳහන් කරන්නේ.ඒ හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල හා ඔඩිස්සා ප්‍රදේශවලට වැඩි බලපෑම් එල්ල වුණා. පුද්ගලයින් මිලියන දෙකකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. නිවාස රැසකට ද හානි සිදුවුනා. ගස් සහ ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
The post බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment