Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටුනු වසර 500කට වඩා පැරණි සංඝාවාස ගොඩනැගිල්ල  

Add comments

මාතර ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැලිගම ගරාඩුව නදී කිරාම රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල කඩාවැටීමට ලක්වුණා. මෙම  ගොඩනැගිල්ල  වසර 500කට වඩා පැරණි බවයි පූජ්‍ය හක්මන මදුරධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.

අධික වර්ෂාවත් සමග සංඝාවාස ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් සාමනේර ස්වාමීන් වහන්සේ නමක සහ තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත මෙම සංඝාවාස ගොඩනැගිල්ල වසර 500ක් පමණ පැරණි බවට සදහන් වනවා. එමෙන්ම මෙම විහාරස්ථාන භූමියේ ඉපැරණි උරුමයන් රැසක් පවතිනවා. මෙම සංඝාවාස ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවයි විහාරාධිපති පූජ්‍ය හක්මන මදුරධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.

 

 

 

The post අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටුනු වසර 500කට වඩා පැරණි සංඝාවාස ගොඩනැගිල්ල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG