වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල වැසි වැඩි වන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළේ.
හඬපටය – 7 ඒ එම් කාලගුණ
කන්කසන්තරේ සිට ති‍්‍රකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයින වටා වන සෙසු මුහුදු ප‍්‍රදේශවල සවස් කාලයේ හෝ රාති‍්‍ර කාලයේ වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ එම මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය ද තාවකාලිකව ඉහළ යාහැකියි.
The post වැසි තත්වයේ වැඩිවීමක් appeared first on ITN News.
Post a Comment