Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනපති අතින් ජනතා අයිතියට  

Add comments

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදුකෙරුණු සංවර්ධන කාර්යයන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුණා.

පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් විසල් පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතියේ කඳුරුවෙල ජල පොම්පාගාරය හා ජල කුළුණ ජනාධිපතිතුමා ජනතා අයිතියට පත් කළා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන දෙදහස් දෙසීය හතළිහක් වැයකර තිබෙනවා. පොළොන්නරුව නව නගරය,  පැරණි නගරය මෙන්ම කඳුරුවෙල හා තදාසන්න ප්‍රදේශ මෙමගින් ආවරණය කෙරෙනවා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ රුපියල් මිලියන 430 ක වියදමින් ඉදිකළ සෙවණපිටිය ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමා ජනතා අයිතියට පත් කළා.

ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකළ රත්මල්කණ්ඩිය සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය ද ජනතා අයිතියට පත් කිරීම සිදුවුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 110 ක්. රුපියල් ලක්‍ෂ 110 ක වියදමින් ඉදිකළ මුදුන්කඩවල සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමා අද (02) ජනතා අයිතියට පත් කළා. ප්‍රදේශයේ ආගමික පුනර්ජීවනය ඇති කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 25 ක වියදමින් අලුත්වැඩියා කළ නිකවතලන්ද ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ ආවාස ගෙය සඟ සතුකොට පූජා කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

අරලගන්විල යායපහ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 25 ක්.

 

 

 

The post පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනපති අතින් ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG