තුර්කි දේශසීමාව ආසන්න සිරියා නගරයක බෝම්බ පිපිරීමක් සිදුවුණා.
ඉන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුර්දි කැරලිකරුවන්ගේ ග‍්‍රහණයේ තිබී තුර්කි හමුදාවන් බලය අත්පත් කරගත් නගරයක පිපිරීම සිදුව ඇති බවයි තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. පිපිරීමත් සමඟ තුර්කි ආරක්ෂක අංශ වයඹදිග සිරියාවේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා. යතුරුපැදි දෙකක අටවා බෝම්බ රැගෙනවිත් ඇති බවටයි මූලික පරික්ෂණවලදී තහවුරු වුණේ.
ඇමරිකා සිරියා ආරක්ෂක සීමාවට ආසන්න නගරයක සිදුවූ මෙම පිපිරීම පිළිබද ඇමරිකාව ද අවධානය යොමුකර තිබෙනවා. වසර කිහිපයක සිට සිරියාවේ පවතින යුධ ගැටුම් හේතුවෙන් අවතැන්ව ඇති සංඛ්‍යාව මිලියන තුනයි දශම හයකට අධිකයි. ඔවුන් ලෝකයේ රටවල් කිහිපයක සරණාගතයන් ලෙස ජීවත් වනවා. සිරියාවේ කි‍්‍රයාත්මක නව සාම වැඩපිළිවෙලත් සමඟ අවතැන්වූවන් කඩිනමින් යළි සිරියාවට ගෙන ඒම සඳහා කි‍්‍රයාකරන බව එරට රජය ප‍්‍රකාශ කළා.
The post තුර්කි දේශසීමා ආසන්න සිරියා නගරයක බෝම්බ පිපිරීමක් appeared first on ITN News.
Post a Comment