Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් දස දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ශ්‍රී‍්‍ර ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් දස දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත‍්‍රා දෙකක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. උතුරු නාවික විධානය මගින් ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින්වූ මුහුදු ප‍්‍රදේශයේදී සිදුකළ මුර සංචාරයක් අතරතුරදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ට්‍රෝලර් යාත‍්‍රා දෙක ශ්‍රී‍්‍ර ලංකා නාවික නෞකා එලාර ආයතනය වෙතත්, ධීවරයන් ශ්‍රී‍්‍ර ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතත් රැගෙන ඒමටයි කටයුතු කළේ. වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ධීවරයන් දසදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමටයි නියමිත.

The post නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් දස දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG